GTA San Andrears
කියන්නෙ මොකක්ද කියලා ගොඩක් අයට අමුතුවෙන් කියන්න ඕනි නෑ, මොකද ගොඩක් අය මේ ගේම් එක ප්ලේ කරලා තියෙනවා කියන එක පුදුමයක් නෙමෙයි, එත් ඔයාලට ඔයාලගෙම යාලුවොත් එක්ක මේකේ ප්ලේ කරලා අත්දැකීම් නැතිවෙන්න පුලුවන්, අන්න ඒ අයට තමයි මේ පෝස්ට් එක..

මේ ගේම් එකට ඕනි වෙන්නේ ඔයාලා සාමාන්‍යයෙන් ගහන GTA San Andreas ගේම් එකමයි, ඒකත් එක්ක පොඩි සොෆ්ට්වෙයා එකක් ඕනි වෙනවා මේ්ක වැඩ කරන්න, ඒකට කියන්නෙ Multi Theft Auto කියලා, ඉතිං පහල ලින්ක් දෙකෙන් ඔයාලට පුලුවන් එ් දෙකම ඩවුන්ලෝඩ් කරගන්න, ඔයාලට GTA San Andreas ගේම් එක තියෙනවානම් අමුතුවෙන් GTA ඩවුන්ලෝඩ් කරන්න ඕනි වෙන්නේ නෑ. යාලුවෙක්ගෙන් San Andeas ඉල්ලගන්න පුලුවන් නම් ඔයාට ඩවුන්ලෝඩ කරන 600MB ඉතුරු වෙනවා ඩේටා වලින්  

පහල ලින්ක් වලින් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න GTA San Andreas  එකයි Multi Theft Auto ( MTASA ) එකයි,



GTA San Andreas Setup ( 600MB )


Multi Theft Auto ( MTASA )

මුලින් ඔයාලා කරන්න ඕනි GTA San Andreas ඔයාගෙ කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරගන්න එක. ඔයාලට GTA San Andrears නම් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න අමාරුවක් නෑනේ, ගේම් එකක් ඉන්ස්ටෝල් කරගන්න බැරි කෙනෙක් ලංකාවේ නෑනේ

GTA එක තියෙන අය, දාගත්තු අය, මෙතනින් එහාට බලමු කොහොමද අපි MTASA දාගන්නේ කියලා..

මුලින්ම ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත mtasa-1.5.*.exe එක ඕපන් කරන්න, එතකොට එයි ඉන්ස්ටෝල් කරන්න ඕනි විදිය.. ඔයාලට ගේම් එකක් ඉන්ස්ටෝල් කරලා හුරු ඇතිනේ ඉතින්.. ඕපන් කරලා නෙක්ස්ට් කරලා මේ පහල තියෙන රූපයේ තැනට එන්න


Client And Server දීලා Next කලාම මෙහෙම එකක් ඒවි.


ඒකත් Next කරන්න,


ඔය උඩ තියෙන රූපය තමයි වැදගත්ම කොටස, ඔතන කරන්න තියෙන්නේ ඔයාගේ San Andrears ඉන්ස්ටෝල් කරලා තියෙන Folder එක හරියට Select කරන එක , මගේ තියෙන්නේ හාඩ් එකේ D කොටසේ ඉතිං මං පහල රූපයේ විදියට මං සිලෙක්ට් කරනවා මගේ GTA San Andreas Folder Path එක..

හරි ඔයා Folder එක Select කලාම ඊට පස්සෙ Next කරන්න.. ඊට පස්සේ මුලින්ම ඒකෙන් Microsoft Visual C++ 2008, DirectX වගේ ඔයාගෙ කම්පියුටර් එකට අවශ්‍ය කරන සොෆ්ට්වෙයාර්ස් ඉබේම ඩවුන්ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් වේවි, මගදි ඒකෙත් Setup එකක් ආවොත් ඒකත් ඉන්ස්ටෝල් කරගන්න, Next කරන එක විතරනේ ඊට පස්සෙ මේ විදියට MTASA ඔයාගෙ මැශින් එකට ඉන්ස්ටෝල් වෙවි.


ඉන්ස්ටෝල් වෙලා ඉවර උනාම අවසානෙට ඔයාට ගේම් එක එතනින්ම Start කරන්න පුලුවන්


හරි ඔන්න එහෙනම් ඊට පස්සෙ තියෙන්නෙ ගේම් එකේ ඉතුරු ටික,

--------------------------------------------
Running And Connecting to Server
------------------------

පහල රූපයේ විදියට ගේම් එක ඕපන් වේවි,


ඒකේ Settings කියන ක්ලික් කරලා ඔයාගේ නම වෙනස් කරගන්න.. ඔයාගෙ නමක් හරි Nickname එකක් හරි මොකක්හරි දාගන්න එකට

ඊට පස්සෙ එක Ok කරලා, පහල තියෙන විදියට Quick Connect කියන එක ක්ලික් කරන්න, Server Browser කියන එකෙනුත් පුලුවන්.
ඒකට ගිහින් පහල Image එකේ තියෙන විදියට Address එක දාන්න ඕනි තැනට අපේ සර්වර් එකේ ඇඩ්‍රස් එක දාන්න..


mtasa://mta.crypt.lk:22003
ඔයාලට පුලුවන් ඊට පස්සෙ Connect කියන එක Click කරන්න


Connect උනාම කෙලින්ම ඔයා ගේම් එකේ, කට්ටිය ටිකක් එකතු කරගන්න, ගේම් එකෙනුත් පුලුවන්, Facebook එකෙත්, අහල පහලින් කොහෙන් හරි, අපිත් ඉන්නවා ගොඩක් වෙලාවට සර්වර් එකේ,

කාර් එකේ කදු නගින්න, රන්ඩු වෙන්න, මරාගන්න, විනෝද වෙන්න ගොඩක් ක්‍රම
කාලෙන් කාලෙට අලුත් වන Scripts, අලුතෙන් කරන Events වලට සහභාගි වෙන්න, ඒවගෙන් ජයග්‍රහණය කරලා තෑගි ගන්න, යාලුවෝ එකතු කරගන්න හැමදේටම අපිත් එක්ක එකතු වෙන්න ඔයාලට පුලුවන්.

මේ ටියුට් එකෙන් කියල දෙන විදියටම ඔයාලා මුලින්ම Connect වෙන්නෙ අපේ Freeroam සර්වර් එකට, ඉතිං තමන් කැමති විදියට ප්ලේ කරන්න වෙනස් විදියේ සර්වර්ස් අපි හදලා තියනවා, ඒ ඒ ගේම් මොඩ්ස් ගැන වෙනම පෝස්ට් එකක් මම දාන්නම් විස්තරයක් එක්ක, ඔයාලට පුලුවන් අපිත් එක්ක එකතු වෙලා තව දන්න අයත් එකතු කරන්, ඔන්ලයින් Gaming ජීවිතේ ෆන් එකේ ගෙවන්න..

කතා කර කර Games ගහන්න කැමති අය අපේ Teamspeak Server එකට කනෙක්ට් වෙන්න, ඒකටත් වෙනම TUT එකක් මම දාලා තියෙන්නෙ කොහොමද අපි  Teamspeak එක්ක සම්භන්ධ වෙන්නෙ කියලා.

පහලින් වෙනස් විදියේ Gamemodes වලට ආස අයට වෙනම Server උනත් හදලා තියෙනවා අපි,, තමන් ගන්න ආතල් එකක් ගෘප් එකේ ශෙයා කරගන්න අමතක කරන්න එපා

_____________________________________________________________________

Tactics Attack & Defence Basemode Server : mtasa://mta.crypt.lk:22002
Public e-Unlock Gaming World Play Server : mtasa://mta.crypt.lk:22003
World No 01 Stealth: PREMIER Server : mtasa://mta.crypt.lk:22004


අපේ Facebook Group එක : https://www.facebook.com/groups/crypt.lk/

______________________________________________________________________

Hosted By CRYPT.LK

Share This :



sentiment_satisfied Emoticon